Translate

Saturday 25 May 2019

මෙහෙයුම් පද්ධති

                                   මෙහෙයුම් පද්ධති

                      ව/ම/ම/ තිස්නම්පලගම කණිෂ්ඨ විද්‍යාලය

           මෙහෙයුම් පද්ධතිය  (Operating System) යනු පරිගණක මෘදුකාංග සහ දෘඪාංග සම්පත් කළමනාකරණය කරන පරිගණක මෘදුකාංග වේ.




මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය
           
            පරිශීලකයා සහ පරිගණක දෘඪාංග අතර සම්බන්ධතාව ඇති කරනු ලබන මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියයි.මෙහෙයුම් පද්ධති මෘදුකාංග මගින් විවිධ යෙදුම් මෘදුකාංග පරිගණකයට ස්ථාපනය කිරීම සදහා අවශ්‍ය වන විධාන සපයන අතර එය ආදාන උපාංග (input devices) ප්‍රතිදාන උපාංග (output devices) සහ පරිගණක මතක (computer memory) කළමණාකරණය කරන්නා මෙන්ම පරිගණකයේ ස්ථාපිත අනෙකුත් මෘදුකාංග හසුරවන්නාද වෙයි.එසේනම් සමස්ථ පරිගණක පද්ධතියම හැසිරවීම මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරන බව මෙමගින් පැහැදිලි වෙයි.

 විවිධ මෙහෙයුම් පද්ධති
1.        Windows මෙහෙයුම් පද්ධති

                    Micrsoft සමාගම විසින් නිපදවනු ලබා ඇති මෙම  windows මෙහෙයුම් පද්ධති ප්‍රකාශන සහිත මුදල් ගෙවා ලබා ගත යුතු පද්ධති මෘදුකාංගයකි.ලොව පුරා ඉතා ජනප්‍රිය වී ඇති windows මෙහෙයුම් පද්ධතිය විවිධ සංස්කරණ වලින් ලබා ගත හැකිය.

උදාහරණ
       1.Windows XP
       2.Windows Vista 
       3.Windows 7
       4.Windows 8
       5.Windows 8.1
       6.Windows 10
       7.Windows 11    ect...........
අදාළ රූපයඅදාළ රූපයඅදාළ රූපයwindows 8 සඳහා පින්තුර ප්‍රතිඵලwindows 8.1 සඳහා පින්තුර ප්‍රතිඵලwindows 10 සඳහා පින්තුර ප්‍රතිඵලwindows 11 සඳහා පින්තුර ප්‍රතිඵල

                  මීට අමතර ව ජංගම දුරකථන ටැබ්ලට් පරිගණක වැනි උපකරණ ක්‍රියාකාරිත්වය සිදු කිරීමට MS Windows Mobile ලෙස මෙහෙයුම් පද්ධතියක් හදුන්වා දී ඇත. එසේ ම  සේවා ද්‍රයක (server) පරිගණකවල ක්‍රියාකාරිත්වය සදහා (server) මෙහෙයුම් පද්ධතිය ලෙස MS Windows Server නමින් මෙහෙයුම් පද්ධතියක් නිපදවා ඇත.
windows Mobile සඳහා පින්තුර ප්‍රතිඵලඅදාළ රූපයඅදාළ රූපය

2.          Mac මෙහෙයුම් පද්ධතිය
      
                Apple සමාගම විසින් නිපදවා ඇති Mac OS නම් වූ මෙහෙයුම් පද්ධති Apple Macnintosh පරිගණකවල භාවිතා කෙරේ.
Apple Mac OS සඳහා පින්තුර ප්‍රතිඵලApple Mac OS සඳහා පින්තුර ප්‍රතිඵලApple Mac OS සඳහා පින්තුර ප්‍රතිඵල

              මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රකාශන හිමිකම් සහිත මුදල් ගෙවා ලබා ගත යුතු පද්ධති මෘදුකාංගයකි. මෙම මෙහෙයුම් පද්ධතිය Apple සමාගම විසින් නිපදවන ලද පරිගණකවල පමණක් ස්ථාපනය කළ හැකිය.

3.          Ubuntu මෙහෙයුම් පද්ධති

              Linux මෙහෙයුම් පද්ධතිය පාදක කර ගනිමින් Ubuntu මෙහෙයුම් පද්ධතිය නිපදවා ඇත.මෙම මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගත හැක.විවෘත මෙහෙයුම් පද්ධතියක් (Free and Open source) ලෙස හැදින්වෙන මෙයhttps://www.ubuntu.com/download වෙබ් අඩවිය මගින් නොමිලේ බාගත කළ හැකිය.
ubuntu සඳහා පින්තුර ප්‍රතිඵලubuntu සඳහා පින්තුර ප්‍රතිඵලඅදාළ රූපය

4.          Android මෙහෙයුම් පද්ධතිය 
             
             Google සමාගම විසින් Android නිපදවනු ලැබ ඇත.ජංගම උපාංග සදහා විශේෂයෙන් යොදා ගනු ලබන මෙහෙයුම් පද්ධතියක් ලෙස Android හදුන්වාදිය හැකිය.මෙයද සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියකි.
අදාළ රූපයඅදාළ රූපයandroid operating system versions සඳහා පින්තුර ප්‍රතිඵල

5.          Hanthana Linux මෙහෙයුම් පද්ධතිය 
     මෙය Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිපදවා ඇත.මෙම මෙහෙයුම් පද්ධතිය බාගත කර ගැනීමට  http://hanthana.org/download.php භාවිතා කළ හැක.
hanthana linux OS සඳහා පින්තුර ප්‍රතිඵලඅදාළ රූපයhanthana linux OS සඳහා පින්තුර ප්‍රතිඵල

මෙහෙයුම් පද්ධති වර්ගීකරණය

             මෙහෙයුම් පද්ධතියක ප්‍රධානතම කාර්යභාරය  වනුයේ පරිලණක යන්ත්‍රය ක්‍රියාත්මක කළ මොහොතේ සිටම ක්‍රියාවිරහිත කරන අවස්ථාව දක්වාම පරිගණක යන්ත්‍රයේ දෘඩාංග උපරිම වශයෙන් යොදා ගනිමිින් පරිශීලකයාට අවශ්‍ය යෙදවුම් මෘදුකාංග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනගා දීමයි.මෙහෙයුම් පද්ධති වල ක්‍රියාකාරීත්වය අනුව ඒවා පහත අයුරින් වර්ගීකරණය කර ඇත.
  1. ඒක පරිශීලක (Single User)
  2. බහු පරිශීලක (Multi User)
  3. බහු කාර්යය (Multi Tasking)
  4. තත්‍ය කාල  (Real Time)    
 1.ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති
          එක් වරකට එක් පරිශීලකයෙකු සම්බන්ධයෙන් සේවා සපයන මෙහෙයුම් පද්ධතියක් ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක් වේ.

උදාහරණ-MS DOS මෙහෙයුම් පද්ධතිය

2.බහු පරිශීලක මෙහෙයුම් පද්ධති 
         බොහෝ පරිශීලකයන්ට එකවර පරිගණක යන්ත්‍රයක් වෙත ප්‍ර‍වේශ වී කටයුතු කිරීමට පහසුකම් සපයන මෙහෙයුම් පද්ධතියක් බහු පරිශීලක මෙහෙයුම් ප්ධතියක් ලෙස හැදින්වේ.මහා පරිගණක වැනි එකවර පරිශීලකයින් විශාල පිරිසකට කටයුතු කළ හැකි පරිගණක යන්ත්‍ර වලට බහු පරිශීලක මෙහෙයුම් පද්ධති ස්ථාපනය කර ඇත.

උදාහරණ - Linux,windows server
අදාළ රූපය windowsserver සඳහා පින්තුර ප්‍රතිඵල
3.බහු කාර්යය මෙහෙයුම් පද්ධති 
          එකවර කාර්යය කිහිපයක් සිදු කළ හැකි මෙහෙයුම් පද්ධති බහුකාර්යය මෙහෙයුම් පද්ධති ලෙස හැදින්වේ.මෙවැනි මෙහෙයුම් පද්ධති තුලින් තනි පරිශීලකයෙකුට බහුකාර්යයන් සිදු කර ගැනීමට හැකියාව ඇත.
    උදාහරණ - Windows 7,Windows 8 ,Ubuntu , mac os


4.තත්‍ය කාල මෙහෙයුම් පද්ධති
           ආදාන ලබා දුන් විගස ම කිසිදු ප්‍රමාදයකින් තොර ව ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධතියකි. ස්වයංක්‍රීය ව පාලනය වන යන්ත්‍රවල බොහෝ විට මෙම තත්‍ය කාල මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වේ. විද්‍යාත්මක උපකරණ හෝ ඊට සමාන කුඩා උපකරණ වල ක්‍රියාකාරීත්වය පාලනය සදහා යොදා ගනී.මෙම මෙහෙයුම් පද්ධති යම් සුවිශේෂී ක්‍රියාවන් සදහා විශේසනය වි ඇත.
   උදාහරණ - ගණක යන්ත්‍ර, ATM යන්ත්‍ර


                                                                                       created by : Maneesha Dewmina
                                                                                                           Sanjana Indunil

No comments:

Post a Comment